Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th March 2026 20:44:11 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සිය අභිමානවත් 13 වන සංවත්සරය සමරයි

මධ්‍යම පළාතේ ආරක්‍ෂාව සහ සිවිල් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකරනු ලබන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සිය 13 වන සංවත්සරය මාර්තු මස 14 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය

මෙම උත්කර්ෂවත් අවස්ථාව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මූලිකත්වයෙන් සියලු නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ඉතා උසස් අයුරින් පැවැත්විණි

සංවත්සරයට සමගාමීව ආගමික වතාවත් මෙන්ම ප්‍රජාසත්කාර වැඩසටහන් අතුරින්, කදුරුගොඩ රජමහ විහාරයේ භික්ෂූන් වහන්සේලා උදෙසා පවත්වන ලද සඟසතු දානමය පිංකම, බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් 70 දෙනෙකු වෙනුවෙන් රෙදිපිළි, ඇඳ ඇතිරිලි සහ නැවුම් පලතුරු පරිත්‍යාග කල අතර, මෙම පරිත්‍යාගයන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ සේවය කරන නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුවිය

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි කරනු ලබන යුධ හමුදා සාමාජිකයින් අතර සහයෝගීතාවය සහ සුහදතාවය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සුහද වොලිබෝල් තරඟාවලියක් සහ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වු අතර, මූලස්ථාන පරිශ්‍රයේදී ආඥාපති තුමන් වෙත සාම්ප්‍රදායිකව පිරිනමනු ලබන කඳවුරු මුරය සහ සම්මාන මුර ගෞරවාචාර පිරිනැමීම සිදුවිය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කීරිම සදහා පැලයක් රෝපණය කර, සමූහ ඡායාරූපයකට පෙනී සිටිමෙන් පසු භඨ පිරිස් ඇමතූ ආඥාපති තුමන්, වසර 13 ක අභිමානවත් ඉතිහාසය පුරා, රටේ හදිසි ආපදා තත්ත්වයන් හිදී සහ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේදී ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ සෙබළුන් ඉටුකළ මෙහෙවර අගය කලේය. එමෙන්ම සිවිල් ජනතාව සමඟ සංහිඳියාවෙන් යුතුව කටයුතු කරමින් ලබාගත් සාර්ථකත්වය වෙනුවෙන් මෙතෙක් සේවය කළ සියළුම නිලධාරීන්,සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ කැපවීම එහිදී විශේෂ ඇගයීමට ලක්කල අතර, අනතුරුව සියලුම නිලයන් සහභාගී වූ දිවා භෝජන සංග්‍රහයක් පවත්වා අභීමානවත් 13 වන සංවත්සර උත්සව මාලාවේ සමාප්තිය සනිටුහන් කලහ