Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th March 2026 11:04:00 Hours

3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ සෙනින් රම්බොඩ ගැරඩි ඇල්ල වැවන්ඩන් වත්ත රක්‍ෂිතය ආශ්‍රිතව හදිසි ගිනි ගැනිම මැඩ පවත්වයි

2026 මාර්තු මස 07 වන දින පස්වරු 1530 පැයට පමණ කොත්මලේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට අයත් රම්බොඩ ගැරඩි ඇල්ල වැවන්ඩන් වත්ත රක්‍ෂිතයේ හදිසි ගිනි ගැනිමක් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබුණු ක්ෂණික දැනුම්දීමකට පසුව 114 පාබල බලසේනා මූලස්ථානයෙන් ලද උපදෙස් මත 3 වන ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු 01 × 25 ක භටපිරිස් ප්‍රමාණයක් විනාඩි 30 ක් තුල එම ස්ථානයට වාර්ථා කරවන ලදී. ක්ෂණිකව ක්‍රියාත්මක වු ආපදා සහන කණ්ඩායම පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පැතිරීම දැඩිව තිබු ගින්න පැතිර යාම කඩිනමින් වලක්වා ගැනිමට සමත් වුහ.