10th March 2026 10:55:38 Hours
2026 මාර්තු මස 08 වන දින පස්වරු 1430 පැයට පමණ නුවරඑළිය තලවකැලේ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට අයත් ඩෙඕන් වත්ත ප්‍රදේශයේ හදිසි ගිනිගැනිමක් ඇතිවි ඇති බවට දැනුම් දෙන ලදි. ඒ අනුව නුවරඑළිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබුනු එම ක්ෂණික පනිවිඩයට 114 පාබල බලසේනා මූලස්ථානයෙන් ලද උපදෙස් මත පාබල බල සේනා මුලස්ථානයේ 01 × 27 ක භටපිරිස් ප්‍රමාණයක් සහ 19 වන ශ්‍රිලංජාආබමු භඨපිරිස් 00 × 10 ක ප්‍රමාණයක් විනාඩි 30 ක් තුල එම ස්ථානයට වාර්ථා කරවන ලදී. ක්ෂණිකව ක්‍රියාත්මක වු ආපදා සහන කණ්ඩායම පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පැතිරීම දැඩිව තිබු ගින්න පැතිර යාම කඩිනමින් වලක්වා ගැනිමට සමත් වුහ.