21st February 2026 10:25:02 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරණායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්ජීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සහ නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේපීපී කරුණානායක ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ 2026 පෙබරවාරි 21 වන දින හම්බන්තොට සිසිලසගම ගම්මානයේ බෞද්ධ බැතිමතුන් හට නිවසේ දී දිනපතා බුදුන් වහන්සේ වන්දනා මාන කිරීම සඳහා බුදු පිලිම 75 ක් සහ පූජා භාණ්ඩ පරිත්‍යාග කරන ලදි. මෙම උතුම් කාර්යය මෙම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති සහ ධම්මික මහතා විසින් සංකල්පනය කරන ලදි