Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th February 2026 07:42:28 Hours

11 පාබල සේනාංකයේ 16 වන සංවත්සරය අතිඋත්කර්ෂවත් අන්දමින් සමරුනු ලබයි.

11 පාබල සේනාංකය සිය 16 වන සංවත්සරය 2026 පෙබරවාරි මස 15 වන දින ආගමික වත්පිළිවෙත් සහ යුධ හමුදා විධිවිධාන සමඟ ගෞරවයෙන් හා අභිමානයෙන් සමරනු ලැබීය. මෙම උත්සවය 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජනරාල් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ RSP USP ndc psc IG ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්වීම යටතේ පැවැත්විණි

උත්සව වැඩසටහන ආගමික කටයුතු වලින් ආරම්භ කරමින්, සේනාංකයේ සාමාජිකයන්ට ශක්තිය, එකමුතුව සහ අනාගත සාර්ථකත්වය සඳහා ආශීර්වාද ප්‍රාර්ථනා කරන ලදී. සම්ප්‍රදායික යුධ හමුදා විධිවිධාන අනුව සේනාංකාධිපති වෙත සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමුණු අතර, වර්ධනය හා තිරසාරභාවය සංකේතවත් කරමින් රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කරන ලදී

සේනාංකාධිපතිතුමා භට පිරිස් අමතමින් සියලු නිලධාරීන් සහ සෙබළුන්ගේ කැපවීම, විශ්වාසය සහ වෘත්තීයභාවය අගය කළ අතර, සේනාංකයේ ගෞරවනීය උරුමය රැකගනිමින් ඉදිරියේදී වැඩි දියුණුව සඳහා කැපවීමට උද්යෝගිමත් කළේය

සංවත්සර උත්සවය සියලු නිලධාරීන් සහ සෙබළුන් සහභාගී වූ සියලු නිළ දිවා භෝජන සංග්‍රහයකින් අවසන් වූ අතර, එය එකමුතුව සහ සෙබළු සබඳතා තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක් විය. මෙම අවස්ථාව 11 පාබල සේනාංකයේ ශ්‍රිලංකා යුද්ධ හමුදාවට හා මාතෘභූමියට දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කළේය