14th February 2026 14:35:30 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 112 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයේ 2026 පෙබරවාරි 14 වන දින උදෑසන 1145 පැයට පමණ බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයකට අනුව, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ලියන්ගහවෙල ප්‍රදේශයේ ගල් කැඩීම් ස්ථානයක සිදු වූ අනතුරකින් කම්කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දැනුම් දෙන ලදි
එම පණිවිඩයට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මකවූ 112 පාබල බලසේනාව මුලස්ථානයය වෙතින් ලබාදුන් උපදෙස් අනුව 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 x 20 භට පිරිස් ප්‍රමාණයක් ඔවුන්ට සහාය දැක්වීම සඳහා එම ස්ථානයට වාර්තා කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම හා වෘර්තීය නිපුනත්වය පිළිඹිබු කරමින් ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ කණ්ඩායම පැයක් අතුලත එම ස්ථානය වෙත ලගාවිය. එම ගල් කැඩීමේ භූමියේ භයානක තත්වයන් තිබියදීත්, එම මුදවා ගැනීමේ කණ්ඩය විසින් උපක්‍රමශීලීව හා ක්‍ෂණිකව සිදුකරන ලද මෙහෙයුමකින් මිය ගිය අයගේ මෘත දේහයන් දෙකක් එම ස්ථානයෙන් සොයා ගන්නා ලදි. මුදවා ගැනීමේ ඛණ්ඩායම එම සෙමහෙයුම කෙටි කාලයක් තුල අවසන්කර ලද අතර, එම මෘත දේහන් අදාළ බලධාරීන් වෙත භාර දෙන ලදී