Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2026 16:46:42 Hours

122 පාබල බළසේනාවේ නව බළසේනාධිපති සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදි

122 පාබල බලසේනා මුලස්ථානයේ 14 වන බලසේනාධිපති වශයෙන් කර්නල් ඹ්එන්ජේ ද සිල්වා යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2026 ජනවාරි මස 08 වන දින සුභ මෙහොතින් රාජකාරි භාරගන්නා ලද අතර, එහිදි 12 වන ගජබා රෙජිමේන්තුව වෙතින් කඳවුරු මුරයක් ද පිරිනමන ලදි.

නවතමයෙන් රාජකාරි භාර ගත් බලසේනාධිපති විසින් අඹ පැලයක් රෝපණය කිරිමෙන් පසු භඨ පිරිස් ඇමතීමෙන් පසු සියඵම නිලයන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද තේ පැන් සංග්‍රහය සඳහා සහාභාගි වන ලදි. ඉන් අනතුරුව කඳවුරු සංචාරය සිදු කිරීමෙන් පසුව, කාර්යය මණ්ඩලය විසින් බලප්‍රදේශය පිලිබඳව කෙටි හැදින්වීමක් බලසේනාධිපති වෙත සිදුකරන ලදි.