Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th January 2026 08:41:25 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සම්බන්ධීකරණයෙන් බ/මකුල්ඇල්ල විද්‍යාලයේ සිසුන් සදහා පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම භඨපිරිස් සම්බන්ධීකරණයෙන් බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයේ බ/මකුල්ඇල්ල විද්‍යාලයේදී සිසුන් 93 දෙනෙකු සදහා පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 08 වන දින එම විද්‍යාලයෙදී පවත්වන ලදී

එම අවස්ථාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපතිගේ තුමාගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ) හා අනෙකුත් නිලධාරින් ඇතුළුව AUTHENTICITIES ලිමිටඩ් ආයතනයේ නිලධාරින් හා පාසැල් ගුරු භවතුන්ද සහභාගී විය

මේ සදහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් AUTHENTICITIES ලිමිටඩ් අයතනයේ මූල්‍යම දායකත්වයෙන් එම පාසැල් උපකරණ පරිත්‍යාග කරන ලදි.