03rd January 2026 00:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 121 වන පාබල බලසේනාවේ සේනාංකාධිපති කර්නල් බීකේ ත්‍රිමාන්නවිතානගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ 2026 ජනවාරි 03 වන දින හඳපානගල වැල්ලවාය මෙත්සේවා පදනම විසින් පවත්වාගෙන යනු ලබන නේවාසික ළමුන් සහ වැඩිහිටියන් සඳහා ආධාර සහ දිවා ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
එම වැඩසටහන 20 වන සිංහ රෙජිමේන්තුව යටතේ සේවය කරන භඨ පිරිස් විසින් සංවිධානය කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කිරීම පරිත්‍යාගශීලී වෛද්‍ය ජිනංජලා ශානිකා විජයගුණසේකර මහත්මිය විසින් නොමසුරුව අනුග්‍රහය දක්වන ලදී. මෙම ප්‍රජා වැඩසටහනට විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සහ ආබාධිත වැඩිහිටියන් සඳහා දිවා ආහාරය සහ නේවාසික අයවළුන්ගේ මානසික තෘප්තිය උදෙසා සංගීතමය වැඩසටහනක්ද සංවිධානය කල අතර මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සහභාගීත්වයෙන් පැවැත්වුනි.