Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd January 2026 11:12:12 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කරගැනීමේ අරමුණින් පාසල් අධ්‍යාපනය හදාරනු ලබන දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 03 වන දින හ/වීරවිල මහා විද්‍යාලයේදි හා හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදි ඉතා

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කරගැනීමේ අරමුණින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්පිකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ 122 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ සහ 521 පාබල බළසේනාවෙහි බළසේනාධිපති බ්‍රිගේඩියර් බිඩිටිඩි ජයරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා විසින් හැටන් නැෂනල් බැංකු සමූහය සම්බන්ධීකරණය කරන ලදි.

ඒ අනුව 122 පාබල බළසේනා මූලස්ථාන බලප්‍රදේශයට අයත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බලප්‍රදේශයෙහි පිහිටා ඇති හ/වීරවිල මහා විද්‍යලය (සිසු සිසුවියන් 166), හ/ඇතුනදවල ප්‍රාථමික විද්‍යලය (සිසු සිසුවියන් 95), හ/කුඩාගම්මාන, 03 ප්‍රාථමික විද්‍යලයන්හි (සිසු සිසුවියන් 81), හ/ අභය පුර සුරනිමල ප්‍රාථමික විද්‍යලය (සිසු සිසුවියන් 68) සහ හ/වෙහෙරපැලැස්ස ප්‍රාථමික විද්‍යාලයේ (සිසු සිසුවියන් 71) ඉගෙනුම ලබන දුවාදරුවන් සහ 122 පාබල බළසේනා මූලස්ථානයෙහි රාජකාරී කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන් (සිසු සිසුවියන් 15) 496 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන හ/විරවිල මහා විද්‍යාලයේදි සහ හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේදි 2026 ජනවාරි මස 03 වන දින හැටන් නැෂනල් බැංකුවේ නිළධාරින් සහ 12 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ජාතික ආරක්‍ෂක බළමුලුවේ රණවිරුවන්ගේ දායකත්වයෙන් පවත්වන ලදි.