Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd January 2026 10:58:01 Hours

122 වන පාබල බලසේනාංකයේ බලසේනාධිපති තුමන්ගේ නික්ම යාම

122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරී කල බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2026.01.02 වන දින මෙම පාබල බලසේනා මූලස්ථානයේ උත්සවයක් පවත්වන ලදී.

එම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 3 වන ජාතික ආරක්‍ෂක බළමුළුව විසින් සම්මාන මුරයක් ජ්‍යෙෂ්ඨ නිලධාරී හට ප්‍රධානය කරන ලදී.බලසේනාධිපති තුමා ඉන් අනතුරුව 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන භඨ පිරිස් ආමන්ත්‍රණය කල පසුව එතුමන් විසින් සියලු නිල තේ පැන් සංග්‍රාහයක් හා බලසේනාධිපති වෙත සමරු තිළිණයක් පිළිගැන්විමේන් අනතුරුව උත්සව කටයුතු නිමාවට පත් විය.