Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th December 2025 00:00:00 Hours

11 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි භාර ගැනීම

11 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් එම් ජෙ ආර් එස් මැදගොඩ ආර්එස්පි යුඑස්පි එන්ඩීසී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් මස 29 වන දින සේනාංක මුලස්ථානයේදී ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

නව සේනාංකාධිපති සේනාංක මුලස්ථානය වෙත පැමිනිමෙන් පසු 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ භඨපිරිස් සහාභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සේනාංකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

සේනාංකාධිපති සිය රාජකාරි භාර ගැනීම සනිටුහන් කිරීමේ නිල ලේඛණයට අත්සන් තැබීමෙන් පසු කඳවුරු භූමිය තුල සඳුන් පැලයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියළු නිලයින් අමාන්ත්‍රණය කරන ලදි.