Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2025 18:44:05 Hours

දියතලාව “විරු කැකුළු පෙර පාසලේ දූදරුවන්ගේ වර්ෂ අවසන් විවිධ ප්‍රසංගය

දියතලාව “විරු කැකුළු පෙර පාසලේ දරුවන්ගේ වසර අවසාන විවිධ ප්‍රසංගය 2025 දෙසැම්බර් 24 වන දින දියතලාව ටෝච් සිනමා ශාලාවේදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) සභාපතිනි ස්වේන්ද්‍රිනී දිසානායක මහත්මියගේ මඟ පෙන්වීම මත වර්ෂ අවසානයේ දුවා දරුවන්ගේ කුසලතා එළිදක්වන ලදී

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා දමයන්ති බණ්ඩාරනායක මහත්මිය සහභාගී විය.

මෙම ප්‍රසංගයේදී දරුවන්ගේ වර්ධනය වන කුසලතා සහ විශ්වාසය පිළිබිඹු කරන නර්තන, ගීත සහ නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් මාලාවක් ඉදිරිපත් කරන ලදී

තවද සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන දිල්රුක්ෂි මැදගොඩ මහත්මිය, ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් වර්ණවත් ප්‍රසංගය රසවිදින ලදී.