Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th December 2025 09:13:26 Hours

ආපදා සහන සේවා කණ්ඩායම් වල රාජකාරි කල යුද්ධ හමුදා සාමාජිකයින් හට ආසේමු (මධ්‍යම) ආඥාපතිගේ පැසසුම්

2025.11.26 වන දින ඇති වූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදා තත්වයන් මත සහන සේවා කටයුතු, ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අණදීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ ස්ථාපිත පාසේමු, පාබසේමු සහ ඒකක වල සිටින සියළුම යුද්ධ හමුදා සාමාජිකයින් ඒ සදහා කඩිනමින් ක්‍රියාත්මක කරවන ලදි.

2025.12.17 වන දින ආසේමු ආඥාපති තුමන් විසින් ප්‍රථමයෙන්ම ආපදා සහන සැලැස්වීම සදහා සහභාගිවු යුද්ධ හමුදා සාමාජිකයන් හට ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශන ශාලාවේදී ආඥාපති තුමන් විසින් එම ක්‍රියාන්විතයට සහභාගි වීම පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් කෙරෙහි සිවිල් ජනතාව සහ රජය විසින් ඇති දැඩි විශ්වාසභාවය පිළිබදව කරුණු පැහැදිලි කරන ලදි.

තවද, යුද හමුදා සාමාජිකයින්ගේ පුහුණුව, කාර්යශූරත්වය හා නිපුණත්වය මත ආපදාව සිදුවී ඉතාමත් කෙටි කාලසීමාවක් තුල ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින සිවිල් ජනතාවගේ මූලික අවශ්‍යතා සහ සිවිල් පරිපාලන කටයුතු යථාතත්වයට පත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට හැකිවූ බව ප්‍රකාශ කල අතර, එයට දායකත්වය ලබාදීම පිලිබද ස්තුතිය ප්‍රකාශකරන ලදි.

සහන සැලසීමේ ක්‍රියාන්විතයට සහභාගි වූ යුද්ධ හමුදා නිලධාරින් හා සෙසුනිලයින් හට ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් තේපැන් සංග්‍රහයක් පිරිනැමූ අතර, එම අවස්ථාවේදී ඔවුන් සමගින් ආඥාපති තුමන් සුහඳ පිලිසඳරක යෙදී ඔවුන් ලැබූ අත්දැකීම් බෙදාගැනීමටද කටයුතු කරන ලදි.