05th December 2025 18:28:08 Hours
විශේෂ බලකා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් එම්පීකේඑල් අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 දෙසැම්බර් 04 වන දින හම්බන්තොට පිහිටි 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ 12 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.
18 ගැමුණු හේවා බලකායේ භඨ පිරිස් විසින් නව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව, වැඩසිටිකන්ද විහාරස්ථානයේ නායක ස්මීන් වහන්ස වන පූජ්‍ය හිල්ලේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සේනාංකාධිපති තනතුරේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදි. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයකටද පෙනී සිටිමෙන් අනතුරුව 12 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය.
සේනාංකාධිපති තුමන් භඨ පිරිස් අමතමින් සේනාංකයේ අනාගතය සඳහා ඔහුගේ දැක්ම වන නීති විරෝධී මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීමේ වැදගත්කම, ශාරිරික යොග්‍යතාවය මනාලෙස පවත්වා ගැනීම, ඉහළ විනයක් පවත්වා ගැනීම පිළිබඳව නිලධාරීන්/සෙසුනිලයන් දැනුවත් කල අතර, වැඩිදුරටත් දන්වා සිටියේ දැනට පවතින රජය විසින් පවත්වාගෙන යනුලබන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා යුද්ධ හමුදාව විසින් සක්‍රීයව දායකත්වය ලබාදීය යුතු බවයි. පසුව සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුර සේනාංකාධිපති තුමන් නිලධාරීන්/සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. 12 වන පාබල සේනාංකයේ නිලධාරීන්/සෙසුනිලයන් සහ සිවිල් සේවකයින් මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.