04th December 2025 10:12:26 Hours
පසුගිය දිනය පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩි බළපෑමක් එල්ලවී ඇති 11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයට අයත් මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රීක්ක වල ආපදාවට ලක්ව සිටින පුද්ගලයින් සහ ආපදාවන්ට ලක්වූ ස්ථාන නිරීක්‍ෂණය කිරිම සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරණායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025.12.02 දින සිට 04 වන දින දක්වා තෙදින සංචාරයක නිරත වන ලදී.
මෙහිදී ආපදාවන්ට ලක්වී ඇති මහියංගනය, හසලක සහ උඩදුම්බර, යන ස්ථාන නිරීක්‍ෂණය කල ආඥාපති තුමන් 11 වන පාසේමු හි ස්ථාපිත කර ඇති ක්‍රියාන්විත මැදිරිය තුල ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ වල ඉදිරි කටයුතු පිලිබදව සාකච්ඡා කිරිමෙන් අනතුරුව, ආපදාවන්ට ලක්ව ඇති පේරාදෙණීය, ගෙලිඔය - ගඩොල් බොක්කුව සහ ගම්පොල යන ප්‍රදේශ නිරීක්‍ෂණය කරන ලදි. මෙහි මුලික අරමුණ ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ යලි යථාතත්වයට පත්කිරිමේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරිමයි.
ආපදා ක්‍රියාන්විතය වෙනුවෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ බලකාධිපතිගෙන් සමන්විත විශේෂ කණ්ඩායම ස්ථාගතව සිටින ගම්පොල බෞද්ධ විද්‍යාලය නිරික්‍ෂණය කිරිමෙන් පසු ආඥාපති තුමන් විසින් ආපදාවට ලක්ව සුරක්‍ෂා මධ්‍යස්ථානයන්හි රැදී සිටින අයවලුන් හට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සහනාධාර ලබාදෙන ලදි. එමෙන්ම ගමනා ගමනයට සුදුසු පරිදි මාර්ග යථා තත්වයට පත් කිරිම, ජලය නොමැති ප්‍රදේශ වෙත කඩිනමින් ජලය සැපයිම සහ තවදුරටත් මුදවා ගැනීම් සිදුකරනු ලබන ප්‍රදේශවල මෙහෙයුම් කඩිනමින් අවසන් කිරිම සදහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදි. ඉන්පසු 2025.12.04 වන දින 11 පාසේමු බළප්‍රදේශය නිරීක්‍ෂණය සදහා පැමිණි යුද්ධ හමුදාපති තුමන් හට 11 සේමු ක්‍රියාන්විත මැදිරියේදි වත්මන් ආපදා තත්වය පැහැදිලි කිරීමෙන් පසු යුද්ධ හමුදාපති තුමන් සහ මෙම ආසේමු ආඥාපති තුමන් අස්ගිරි පාර්ශවයේ මහහිමිපානන් සහ මල්වතු පාර්ශවයේ මහහිමිපානන් බැහැදකින ලදි.
ඉන් අනතුරුව, 11 වන පාසේමු බලප්‍රදේශයේ ආපදා තත්වයන්ගෙන් බලපෑම් ඇති වූ ප්‍රදේශ නිරීක්‍ෂණය කිරිම, ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ සහන කණ්ඩායම් සමග සාකච්ඡා සිදුකර ඉදිරි උපදෙස් ලබාදීම මෙහිදී සිදුවිය. එම සංචාරය අතරතුරදී සේවයේ යෙදිසිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආපදාවට ලක්වූ නිවෙස් නිරීක්‍ෂණය කිරීමද සිදු කරන ලදි.