02nd December 2025 11:37:46 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය මගහැරීමෙන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 111 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයේ මාතලේ පලාපත්වෙල, ඇල්ලෙපොල ප්‍රදේශයේ පස්කදු නායයෑම් හේතුවෙන් අතුරුදහන්වූ පුද්ගලයින් 05 දෙනෙකු අතුරින් එක් මෘත ශරීරයක් පමණ හමුවූ අතර, ඉතිරි මළසිරුරු සොයා ගැනීම සදහා එම ඒකකය වෙතින් 01x15 ක භඨ පිරිස් ප්‍රමාණයක් 2025.12.02 වන දින එම ස්ථානය වෙත රපොර්තු කරන ලදි
එම බලසේනාවට අයත් මූලස්ථානයට අයත් මහනුවර දිස්ත්‍රික්කයේ බදුල්ල රජ මාවත මාර්ගය යථාතත්වයට පත් කිරීම සදහා 5(සෙව්)ශ්‍රීලපාහ ඒකකයට අයත් 01x12 ක භඨ පිරිස් 2025.12.02 වන දින සිදු කල අතර, එදිනම මහනුවර උඩ ගම්පොල මාර්ගයේ පැති බැම්මක් නායයෑම හේතුවෙන් එය යථායතත්වයට පත් කිරීම සදහා 22 විපාරෙ ඒකකයට අයත් 01x10 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගිවිය. තවද මහනුවර දන්තුරේ තිස්මඩ හරහා හතරලියද්ද දක්මා මාර්ගය නායයෑම හේතුවෙන් එය යථාතත්වයට පත් කිරීම සදහා 2(සෙව්)ශ්‍රීලංසිරෙ ඒකකයට අයත් 01x08 ක භඨ පිරිස් එදින යතා තත්වයට පත් කරන ලදි.
641 පාබල බලසේනා මූලස්ථානයට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට රිවස්ටන් මාර්ගයේ සිට මැදවත්ත දක්වා මර්ගයේ ආපදාව හේතුවෙන් විනාශයට පත්වු මාර්ගය යථාතත්වයට පත්කිරීම සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේඛම් බළප්‍රෙද්ශයේ හපුවිද ග්‍රාමසේවා වසමේ විදුළි රැහන් පද්ධතියන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් එය යථාතත්වයට පත් කිරීම සදහා 2025.12.02 වන දින 1 ශ්රීලරංබ ඒකකයේ 03x30 ක භඨ පිරිස් ප්‍රමාණයක්ද, මාතලේ දිස්ත්‍රික්කයේ කළුදෑවල ප්‍රදේශයේ ජල සැපයුම යථාතත්වයට පත්කිරීම සදහා 2025.12.03 වන දින 1 ශ්රීලරංබ ඒකකයේ 00x14 ක භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගිවී එම ස්ථානයන් යථාතත්වයට පත් කරන ලදි