02nd December 2025 10:32:50 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් 12 පාබල සේනාංකය යටතේ ඇති 122 පාබල බලසේනා මුලස්ථාන බළ ප්‍රදේශයේ කතරගම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් අපිරිසිදුවී තිබු කතරගම පූජා භූමීය 2025.12.02 වන දින 3 ශ්‍රීලංජාආබමු ඒකකයේ 02x50 ක භඨ පිරිසකගේ සහභාගිත්වයෙන් සුද්‍ර පවිත්‍ර කටයුතු සිදුකර යතා තත්වයට පත්කර ඇති අතර, එම බළ ප්‍රදේශයේම අපිරිසිදුවි තිබූ ලිං පිරිසිදු කර යතා තත්වයට පත් කිරීමට 3 ශ්‍රීලංජාආබමු ඒකකයේ 01x15 ක භඨ පිරිසක් යොදවා එම පිරිසිදු කටයුතු අවසන් කරන ලදි. තවද 122 පාබල බසේමු බළ ප්‍රදේශයේ හම්බන්තොට ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස බළ ප්‍රදේශයේ ජන ජිවිත වලට තර්ජනයක් වී තිබු ගස් කපා ඉවත් කිරිම සදහා එම බළසේනා මූලස්ථානයේ 08 දෙනෙකුගෙන් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් සහභාගිවී එම කටයුතු අවසන් කරන ලදී.
ඒ අනුව එම කටයුතු වලට සමගාමිව 122 පාබල බසේමු මූලිකත්වයෙන් කතරගම ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාස බළ ප්‍රදේශය තුල අවතැන්වූ ජනතාව හට පානීය ජලය බෙදාදිම 2025.12.02 වන දින සිදුකරන ලදි