02nd December 2025 08:20:41 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ දියතලාව, හපුතලේ, හාලිඇල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශවල ජීවත්ව පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ ආරක්ෂාව සදහා සුරක්ෂා මධ්‍යස්ථාන කීහිපයක් පිහිටුවා ඇත. එම සුරක්ෂා මධ්‍යස්ථාන අතුරින් උඩදොම්පෙ විදුහල - හාලිඇල, උඩුවර පහළ දෙමළ විද්‍යාලය - දෙමෝදර සහ හපුතලේ ගල්කන්ද මතුවාන කෝවිල, ග්ලේනෝර් ප්‍රජාශාලාව, පිටරත්මලේ ප්‍රජා ශාලාව යන ස්ථාන වල සිටින දරුවන් හා වැඩිහිටියන් සදහා ශ්‍රීලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් Pizza Hut Sri Lanka ආයතනය විසින් ලබාදුන් කෙටි ආහාර (pizza) බෙදාදීම 2025.11.28 සහ 2025.12.01 යන දෙදින තුලදී සිදුකෙරුණ අතර, ඒ සදහා ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් බෙදාදීම සිදුකරන ලදි.