02nd December 2025 08:05:29 Hours
පසුගිය දින කීපය පුරා දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 111 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට සහ දංගොල්ල යන ප්‍රදේශ වලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබු ජලපවිත්‍රාගාරය සුද්ධ පවිත්‍ර කිරීමේ කඩිනම් මෙහෙයුම් 2025.11.29 සහ 2025.11.30 යන දෙදින තුලදී සිදුකල අතර, ඒ සදහා 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 01 x 25 කින් යුත් භඨ පිරිසකගේ සහභාගි වී සිදුකල අතර, එම බළ ප්‍රදේශයටම අයත් මහනුවර බදුල්ල මාර්ගයේ අධිකාරිගම සිට කිලෝමීටර් 2ක් දක්වා දුරට අවහිරවී තිබූ මාර්ගය 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ 01 x 12 කින් යුත් භඨ පිරිසක් මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්ව 2025.12.01 දින මාර්ගය යථාතත්වයට පත් කිරිමට කටයුතු කරන ලදී.
තවද, දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ ස්ථානගත 641 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් මාතලේ දිස්ත්‍රික්කයේ නාගලවත්ත ප්‍රදේශයේ ආපදාවට ලක්ව අවතැන්ව සිටි වයෝවෘද්ධ පුද්ගලයින් 33 දෙනෙකු 2025.11.30 වන දින ආරක්ෂිතව ස්ථාන වෙත යොමුකිරිමට 1 ශ්‍රීලංරබ ඒකකයේ 01 x 10 කින් යුත් භඨ පිරිසක් සහභාගි වන ලදී.