02nd November 2025 14:15:06 Hours
යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් බි කේ ජි එම් එල් ජි රොද්‍රිගෝ ආර්එස්පි සිටිඑෆ් - එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් 01 දින ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයේ නිලසංචාරයක නිරත විය.
එම සංචාරයේදි එතුමන් විසින් දියතලාව යුධ හමුදා මූලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්නය හා විවේකාගාරය විවෘත කල අතර, එම අවස්ථාවට ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී හා ආඥාපති භකාස අණසක (මධ්‍යම), ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂක, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂක සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගි වු අතර, ඉන් අනතුරුව යුධ හමුදාපති තුමා විසින් දියතලාව යුධ හමුදා රෝහලේ නවතමයෙන් ස්ථාපනය කරන ලද රසායනාගාරය හා රෝහල් පරීශ්‍රය නිරීක්‍ෂණය කිරිමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලයින් සමග තේපැන් සංග්‍රහයට සහභාගී වුහ. පසුව ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී විසින් ආසේමු (මධ්‍යම) විසින් බල ප්‍රදේශයේ ක්‍රියාන්විත සූදානම හා යුධ හමුදා සෙබළුන්ගේ සුභසාදනය පිළිබඳව පුළුල් පැහැදිලි කිරීමක් ආසේමු (මධ්‍යම) සාකච්ඡා ශාලාවේදි සිදුකරනු ලැබිය.
තවද, යුධ හමුදාපති තුමන් විසින් නිල සංචාරය අතරතුරදි ආරක්‍ෂක සේනා මූලස්ථානය, 7 ශ්‍රිලංසංබ, 1 ගැහේබ, 7 ශ්‍රිලපොහේබ, ශ්‍රිලංයුහවිපි (දියතලාව), ආපුපා (දියතලාව) යන ස්ථානයන් අධික්‍ෂණය කරමින් ක්ෂේත්‍ර සංචාරයක් සිදුකරන ලදි.