Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th October 2025 12:18:36 Hours

හ/සිතුමිණිවෙල ප්‍රාථමික විද්‍යාලයෙහි සිසු සිසුවියන් සදහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්ඒන්ඒච් බණ්ඩාරණායක යුඒස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩි බණ්ඩාර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 122 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්එච්එස්පි සේනාරත්න ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලය වෙතින් උපාධිය ලබාගත් කායික වෛද්‍ය ජිනාංජලා ශානිකා විජයගුණසේකර මහත්මියගේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ප්‍රධානත්වයෙන් ගණකාධිකාරි ආශා නිරෝෂිනි ලොකුවිතාන මහත්මියගේද සහභාගීත්වයෙන් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අඩුආදායම්ලාභීන්ගේ දුවාදරුවන් ඉගෙනුම ලබන තෝරාගත් පාසලක් වන හ/සිතුමිණිවෙල ප්‍රාථමික පාසලෙහි ඉගෙනුම ලබන සිසු සිසුවියන් 43 දෙනෙකු හට පාසල් පොත් සහ පාසලට අවශ්‍ය උපකරණ බෙදාදීමේ සිවිල් ප්‍රජා සත්කාරක වැඩසටහනක් 122 පාබල බසේමූ සම්බන්ධීකරණයෙන් 2025 ඔක්තෝබර් මස 26 වන දින පවත්වන ලදි.

තවද මෙම වැඩසටහන සඳහා 122 පාබල බළසේනා මූලස්ථානයෙහි නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉදිරිපත් කිරීම් තුළින් උත්සවය වඩාත් අලංකාරවත් විය.