29th October 2025 00:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්‍ෂණය යටතේ 2025.10.29 වන දින “ස්ත්‍රි පුරුෂ සමාජභාවය පදනම් කරගත් අයවැය කරණය” යන මැයෙන් දේශණයක් යුද හමුදා විද්‍යපීඨයේ සිනෝ ලංකා නව ශ්‍රවනාගාරයේ දි පවත්වන ලදි.
මෙම වැඩමුළුවේ අරමුණ වනුයේ යුධ හමුදා සාමාජිකයින් හට පුරුෂයන්ට මෙන්ම ස්ත්‍රීන්ටද සමානාත්මතාවයෙන් හා සමසාධාරණත්වයෙන් යුතුව කටයුතු කිරිම හා තිරසර සංවර්ධන අරමුණූ ඉටුකර ගැනිම සබැදිව අවබෝධයක් ලබා ගැනිම සදහාය. ඒ සදහා මෙම දේශණයේ උපදේශක වශයෙන් ශ්‍රි ලංකා පොලිස් දෙපර්තුමෙන්තුවේ ප්‍රජා පොලිස් කොට්ඨාශයේ පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා තම වෘත්තිය මෙන්ම න්‍යායාත්මක හා ප්‍රයෝගික හසල දැනුමක් ඇති දේශකයෙකි. ඒ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) හා ඒ යටතේ රාජකාරි කරනු ලබන නිලධාරීන් 51 දෙනෙකු සහ සෙසුනිලයින් 512 දෙනෙකු සහාභාගි විය.