Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th October 2025 10:59:12 Hours

සෙවීම් හා මුදවා ගැනීම් පුහුණූ අභ්‍යාසය සිදු කිරීම

ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) - ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 2025 සැප්තැම්බර් මස 04 වන දින ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇති වූ රිය අනතුරේදී ජීවිත බේරාගැනීමට සිදුකල සෙවීම් හා මුදවා ගැනිමේ මෙහෙයුම (Search and Rescue Operation ) පිළිබද සිදුකරන ලද විශ්ලේෂිත ප්‍රතිඵල වලට අනුව එවනි තත්වයක් නැවත උත්ගත වුවහොත් වඩාත් සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමට අදාලව අත් දැකීම් තවදුරටත් සංවර්ධනය කර ගැනීමේ අරමුණෙන් 2025 ඔක්තෝබර් මස 16 දින බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය මගින් පහත ආයතනයන්හි සහභාගීත්වයෙන් ආපදා කලමණාකරණ පෙරහුරුවක් සංවිධානය කරන ලදි

අ. 112 පාබල බලසේනා මුලස්ථාන

ආ. ප්‍රාදේශීය සභාව, ඇල්ල.

ඇ. ගුවන් හමුදා කඳවුර, දියතලාව.

ඈ. විශේෂ කාර්ය බලකාය, හපුතලේ / උඩුවර.

ඉ. පොලිසිය ස්ථානය, ඇල්ල,

ඊ. ගිනි නිවීමේ ඒකකය, බදුල්ල

උ. ගිනි නිවීමේ ඒකකය බණ්ඩාරවෙල.

ඌ. ශික්ෂණ රෝහල, බදුල්ල.

එ. මහ රෝහල, දියතලාව

ඒ. මහ රෝහල, බණ්ඩාරවෙල.

ඔ. විදුලි බල මණ්ඩලය, බදුල්ල,

ඕ. 1990 ගිලන් රථ සේවය, බදුල්ල.

ක. Flying Ravana Mega Zip Line team

ග. මාර්ග සංවර්ධන අධිකාරිය, බදුල්ල

ච. ස්වෙච්ඡා සංවිධානය - විදුලිය සැපයුම්

ජ. හිසිටෙක් ෆයර් ඇන්ඩ් රෙස්කිව් ආයතනය

මෙම පෙරහුරුවේදි බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ 25 කණූව ප්‍රදේශයෙන් අඩි 500 පමණ ප්‍රපාතයකට උදෑසන 1030 පැයට පමණ පෙරලි ඇති බව උපකල්පනය කර සියලුම ආයතනයන්හි සම්බන්ධීකරණයෙන් පහත සඳහන් මුලික අරමුණූ සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන ලදි

අ. මෙහෙයුමට සම්බන්ධ වන පාර්ශවකරුවන් (stakeholders) අතර පවතින සම්බන්ධිකරණය (coordination) තවදුරටත් ශක්තිමත් කිරීම

ආ. පාර්ශවකරුවන් අතර හා ආයතන මට්ටමේ ශක්තීන් (response capacity) තම තමන්ට තක්සේරු කිරීමට අවස්ථාව ලබාදීම

ඇ. ඉතා අසීරු පරිසරයක (adverse condition) සෙවීම් හා මුදවා ගැනීම් වලදී අද්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීම

ඈ. ආපදා අවස්ථාවල පිරිස් පාලනය (crowed management) පිලිබඳ අද්දැකීම් ලබා ගැනීම

ඉ. මෙහෙයුම් පරිසරය තුල අභ්‍යන්තර සන්නිවේදනය දියුණු කර ගැනීම

ඊ. තුවාලකරුවන් ආරක්ෂිතව එසවීම හා ඉවත් (lifting and shifting) කිරීම කටයුතු වඩා නිවැරදිව සිදු කිරීම තහවුරු කිරීම

උ. රාත්‍රී කාලයේ මෙහෙයුම් දියත් කිරීමේදී අඳුර ඉවත් කිරීමට විදුලි පද්ධතිය භාවිතය පිළිබඳ අභ්‍යාසය

ඒ අනුව සෙවීම් හා මුදවා ගැනීම් කටයුතු 112 පාබල බළසේනාව වෙත පැවරී තිබු අතර 112 බළසේනාධිපති බ්‍රිගේඩියර් බීඒඩීඑන්කේ බුලත්සිංහල ආර්ඩබ්ලිවිපි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අණ හා පාලනය යටතේ අදාල ක්‍රියාන්විතය සඳහා අණදෙන නිලධාරින් සමගින් පහත ඒකකයන් වෙතින් භඨ පිරිස් සහභාගි කරවන ලදි.

ආසේමු (මධ්‍යම)

112 පාබල බළසේනාව - 03 X 20

23 විපාරෙ - 02 X 10

1 බලකාය

3 කරෙ - 01 X 08

1 ගැහේබ - 02 X 10

5 ගැහේබ - 02 X 10

ඉහත අභ්‍යාසය අධික්ෂණය හා මග පෙන්වීම සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නිතීඥ ජේඑම් කපිල ජයසේකර මැතිතුමන් සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පිඑස්පි අබේවර්ධන යන රාජ්‍ය නිළධාරින් සහභාගිවන ලදි.අදාළ ක්‍රියාන්විතය දහවල් 1200 පමණ වන විට සාර්ථකව අවසන් කිරිමට සෙවීමේ හා මුදවා ගැනීම් කණ්ඩායම් සියල්ලට හැකිවු අතර ගරු ආණ්ඩුකාරවර විසින් සහභාගි වු සියලුම අයවලුන් හට ඉතා සාර්ථක ආපදා කලමණාකරණ යාන්ත්‍රනයක් පවත්වා ගැනීම පිලිබඳව බදුල්ල දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් ස්තූතිය පුද කරන ලදි.