Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th October 2025 09:39:26 Hours

122 පාබල බලසේනා මූලස්ථානයේ 11 වන බළසේනාධිපති වශයෙන් රාජකාරි භාරගැනිම

122 පාබල බලසේනා මූලස්ථානයේ 11 වන බළසේනාධිපති වශයෙන් බ්‍රිගේඩියර් එම්එච්එස්පී සේනාරත්න ආර්එස්පී (නි/63184) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් 2025 ඔක්තෝබර් 14 වන දින සුභ මොහොතින් රාජකාරී භාරගන්නා ලද අතර, එහිදී 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් සම්මාන කඳවුරු මුරයක් ද පිරිනමන ලදී.

තවද, බලසේනාධිපති තුමන් රාජකාරී භාර ගැනීමෙන් පසු භඨ පිරිස් අමතා සියළුම නිලයින්ගේ සහභාගීවයෙන් පවත්වන ලද තේ පැන් සංග්‍රහය සඳහා සහභාගීවීමෙන් අනතුරුව කඳවුරු සංචාරය සිදුකර ඉන් අනතරුව කාර්ය මණ්ඩලය විසින් බලප්‍රදේශය පිළිබඳව කෙටි හැදින්වීමකින් බළසේනාධිපති තුමන් දැනුවත් කිරීමෙන් උත්සව අවස්ථාව අවසන් කරන ලදී