Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th October 2025 12:45:24 Hours

76 වන යුද්ධ හමුදා සංවත්සර දිනට සමගාමිව “සරණ සෙවන” ළමා නිවාසය වෙත දිවා ආහාර වේලක් හා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීම.

76 වන යුද්ධ හමුදා දිනයට සමගාමිව ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) - ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී සි එම් ජී එස් ටී කුරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පිහිටා ඇති “සරණ සෙවන” පිරිමි ළමා නිවාසයෙහි නේවාසික දරුවන් 18 දෙනෙකු සහ එහි කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකු සදහා 2025.10.10 දින දිවා ආහාර වේලක් ලබාදීම හා එම දරුවන් හට ක්‍රීඩා කිරීම සදහා ක්‍රීඩා උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි.