Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th October 2025 09:53:23 Hours

76 වන යුද හමුදා දිනට සමගාමිව ප්‍රජාසත්කාරයන් සිදු කිරිම

දේශිය ප්‍රජාව, රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ පරිත්‍යාගශිලි ප්‍රජාව, මාධ්‍ය ආයතන සහ රාජය නොවන සංවිධාන/ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කර ගැනිම කෙරෙහි මෙම ව්‍යාපෘතිය අවධානය යොමු කරයි

වඩා හොද සමාජයක් නිර්මාණය කිරිම සදහා වගකිම්,ආචාර ධර්ම සහ සාරධර්ම සපිරි සංස්කෘතියක් තුළ චර්යාත්මක වෙනස්කම් (ශාරිරික මනෝවිද්‍යාත්මක සහ චිත්තවේගීය) සහ පද්ධතිමය වැඩි දියුණු කිරිම් මෙහෙයවනු ලබන පිරිසිදු කම පාරසරික භාරකාරකාරත්වය පිළිබඳ සංස්කෘතියක් නිර්මාණය කිරිම මෙම මුලරම්භයෙන් අපේක්ෂා කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - (මධ්‍යම) මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් කේ ඩි බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සහ 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බිඩිටිඩි ජයරත්න පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 122 පාබල බලසේනා මුලස්ථානය වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අසල හම්බන්තොට දෙසට ගමන් කිරිම සදහා ඇති බස් නැවතුම්පල දිර්ඝ කාලයක් තිස්සේ නඩත්තු කටයුතු සිදුනොකිරිම හේතුවෙන් පවිච්චියට නුසුදුසු තත්වයට පත්ව තිබු අතර මාර්ගය ඉදිරිපස විදුලි ට්‍රාන්ස්පෝමරය හා 122 බලසේනා පුවරුව අසල දෛනිකව වැල්ලවාය දෙසට ගමන් කරන පාසල් ළමුන් හා වැඩිහිටියන් බස්රථවලට ගොඩ විමට රැදි සිටි.විදුලි ට්‍රාන්ස්පෝමරය අසල බස් රථවලට ගොඩවිමට විශාල පිරිසක් රැදි සිටිම උචිත නොවන හෙයින් බස් නැවතුමට ඉදිරිපස ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන ජනතාව වෙනුවෙන් රැදි සිටිමට සුදුසු වන එම පරිදි ස්ථානය නවිකරණය කරන ලදි. මෙය සදහා රුපියල් ලක්ෂ එකහාමාරකට වැඩි මුදලක් වැය කර ක්ලින් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය යටතේ 122 පාබල බලසේනා මුලස්ථානයේ සියළු නිලයින්ගේ ශ්‍රම දායකත්වය හා ප්‍රදේශයේ ධනපතියන්ගේ රුපියල් එක්ලක්ෂ අසුදාහසක් වටිනා පරිත්‍යාග බඩුභාහිරාදිය ඇතිව දින 7ක් වැනි කාලසිමාවක් තුල 76 වන යුද්ධ හමුදා සංවත්සරය දිනට සමගාමිව ප්‍රතිසංස්කරණය කර 2025.10.10 වන දින 0700 පැයට ජනතා අයිතියට පත් කරන ලදී