10th October 2025 13:31:27 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට වසර 76 ක් සැමරීම නිමිතිකොට ගෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරිගේ ප්‍රධානවත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී 76 වන සංවත්සරය අභිමාණවත් ලෙස සමරනු ලැබිනි.
මෙම උත්සව මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික නිලධාරි විසින් යුද්ධ හමුදාවේ අභිමානය විදහාපාන යුද්ධ හමුදා ධජය එසවීමෙන් අනතුරුව යුද්ධ හමුදා ගීතය ගායනා කර මියගිය අභීත රණවිරුවන් සිහිකරවීම වස් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් අනතුරුව, යුද්ධ හමුදාධිපති තුමන්ගේ පණිවුඩය ඉදිරිපත් කරන ලදි. අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සියළු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දේශනයක් සිදුකර වැඩසටහන සමාප්ත කරන ලදි.
එම උත්සවය සදහා බ්‍රිගේඩියර් පාලන/භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි මෙන්ම සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය සිදුකරන ලදි.