Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st October 2025 21:13:11 Hours

දියතලාව විරු කැකුළු පෙරපාසලේ දුවා දරුවන් ලෝක ළමා දිනය සමරයි

2025 ළමා දිනය සැමරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක යූඑස්පී සහ දමයන්ති බණ්ඩාරනායක මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විය

ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය ළමුන්, ගුරුවරුන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහනට සංස්කෘතික අංග, සෞන්දර්යාත්මක සහ නිර්මාණාත්මක ක්‍රියාකාරකම් රැසක් ඇතුළත් වූ අතර, එමඟින් දරුවන්ට ප්‍රීතිමත් හා අමතක නොවන අත්දැකීම් ලබා දෙන ලදී

තෑගි සහ ප්‍රණීත ආහාර බෙදා දීමෙන්, දරුවන්ගේ මුහුණුවලට සිනහවක් ගෙන දෙමින් සහ ඔවුන්ට ආදරණීය මතකයන් ඉතිරි කරමින් දවසේ කටයුතු අවසන්වූ අතර, තවද මෙම අවස්ථාව සඳහා මෙම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන්, සෙසුනිලයින් සහ පෙරපාසලේ ගුරුභවතුන් ද සහාභාගි විය