19th September 2025 09:30:19 Hours
12 පාබල වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් නවතමයෙන් රාජකාරී භාරගනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් එන් කේ ඩී බණ්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමා ප්‍රථම කඳවුරු සංචාරය සනිටුහන් කරමින් 2025.09.19 වන දින 122 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලද අතර, සේනාංකාධිපති තුමන් හට 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් කඳවුර පසුකරයාමේ සම්මාන මුරයක් ප්‍රධානය කරන ලදී.
ඉන් අතනතුරුව, 122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී ඩී ටී ඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් බළසේනාවේ රාජකාරී ස්වභාවය පිලිබඳව සේනාංකාධිපති තුමන් හට කෙටි හැදින්වීමක් සිදුකිරීමෙන් අනතුරුව සේනාංකාධිපති විසින් භට නිවාස පරික්ෂාවකටද ලක් කිරිමෙන් පසු, එතුමන් අමුත්තන්ගේ පොතහි සමරු සටහනක් තැබු අතර, පසුව සියළු නිලයින් සහභාගිත්වයෙන් පවත්වන ලද තේ පැන් සංග්‍රහය සඳහාද සහභාගී විය