Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th September 2025 22:51:54 Hours

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙතින් රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දිනය සැමරීමේ උත්සවය

මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දිනය සැමරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරාල් ටී සී එම් ජී එස් ටී කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී හට එම පාසලේ විදුහල්පති විසින් ආරාධනා කර ඇත.

ඒ අනුව එම උත්සවය 2025.09.12 වන දින 0900 පැයට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය තුලදී ආරම්භ වූ අතර, එහිදී සේනාංකාධිපති වෙත ජාතික ශිෂ්‍යභඨ බලකාය වෙතින් සම්මාන පෙළපාලියක් සහා රණවිරැ උපහාර උළෙලක් පැවැත්වු බැවින්, ඒ සඳහා පාසලේ ශිෂ්‍යයින්,ආදී ශිෂ්‍යයන්, දෙමාපියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහභාගීවන ලදි.