Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th September 2025 12:26:38 Hours

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අනතුරට පත් වු බස්රථයේ ගමන් කළ මගීන් මුදවා ගැනීම සඳහා සහභාගීවු යුද්ධ හමුදා සාමාජිකයින් ආඥාපති තුමාගේ ඇගයීමට ලක්කිරිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහාභාගිත්වයෙන් ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 2025.09.04 වන දින 24 වැනි කණුව ආසන්නයේදී, ප්‍රපාතයකට පෙරළී සිදුවු බස්රථ අනතුරින් මියගිය අය සහ තුවාල ලැබු පුද්ගලයින් එම ස්ථානයෙන් මුදවා ගැනිම සඳහා දායකවු යුද්ධ හමුදා නිලධාරින් හා සෙසුනිලයින් හට ඔවුන් කල සේවය ඇගයිමට ලක්කිරීමේ වැඩසටහනක් 2025.09.13 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) දේශණ ශාලාවේදි සිදුකරන ලදී.

තංගල්ල නගර සභා සේවක පිරිසක් සිය පවුලේ සාමාජිකයන්ද සමඟ නුවරඑළිය විනෝද චාරිකාවකට ගොස් ආපසු තංගල්ල බලා ගමන්කරමින් සිටියදි, එම බස්රථය 2025.09.04 වන දින රාත්‍රියේ අඩි 1000 කට අධික ප්‍රපාතයකට වැටි ඇතිබව සැලවිමත් සමග ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත 23 විපාරෙ ඒකකයේ 02x26 ක භඨ පිරිස් ප්‍රමාණයක්, 1 ගැහේබ ඒකකයට අයත් 02x50 ක භඨ පිරිස් ප්‍රමාණයක්, 5 ගැහේබ ඒකකය වෙතින් 03x16ක භඨ පිරිස් ප්‍රමාණයක් සහ කරෙපුපා වෙතින් 02x28 ක ගෙන් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් යොදවා අනතුරට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලද අතර, එම අනතුරට පත් සාමාජිකයින් මුදවා ගැනිම සඳහා දායකවු යුද්ධ හමුදා නිලධාරින් හා සෙසුනිලයින් හට ඔවුන් කල සේවය ඇගයිමට ලක්කිරීමට ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් කටයුතු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 112 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, ඒකක අණදෙන නිලධාරී වරුන්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිලයින් පිරිසක් සහභාගි වන ලදී.