Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2025 13:06:42 Hours

122 පාබල බලසේනාවේ සෙබළුන් ලේ දන්දීමේ වැඩසටහන සදහා සහාය දක්වයි

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් ටී ඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ 122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධික්‍ෂණයෙන් 122 වන පාබල බලසේනාව, 12 වන ගජබා රෙජිමේන්තු බලඇණිය සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව - වීරවිල කදවුරේ භට පිරිස් සහ ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් සහ නෝවා ඇපරල් - වීරවිල සේවක මහත්ම මහත්මීන්ගේ සහ ප්‍රදේශවාසින් ඇතුළුව පරිත්‍යාගශීලින් 120 සහභාගීත්වයෙන් 2025.09.11 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් පරිශ්‍රයේදී ‘ප්‍රාණ’ වැඩසටහනට සමඟාමීව පවත්වන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කණ්ඩායම් මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දායක වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ රුධිර පරිත්‍යාගශීලින් සදහා කෙටි ආහාර වේලක් ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්හි අනුග්‍රහයෙන් ලබාදෙන ලදී.