Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2025 12:57:03 Hours

කතරගම ප්‍රදේශයේ රණවිරු පවුල් වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මග පෙන්වීම යටතේ 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පූර්ණ අධික්‍ෂණය යටතේ චානක රාජපක්‍ෂ මහතාගේ සහ යදාරත්නම් චන්ද්‍රසේකරන් මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන්,1 වන විජයබාහු රෙජිමේන්තුවේ කෝප්‍රල් රණසිංහ ඒඑන්එම්කේ, කෝප්‍රල් සංජිව එන්කේඑස්, ලාන්ස් කෝප්‍රල් ප්‍රසන්න ඩබ්ලිව්ආර්එම් සහ පාබල සෙබල මධුසංඛ ඩීඩබ්ලිව්ජීඑච් යන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරු දැරියන් 05 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව 05ක් පිරිනැමිමේ වැඩසටහනක් 2025.09.09 දින රුහුණු කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ දානශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.