Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2025 12:49:09 Hours

කතරගම ප්‍රදේශයේ අඩු ආදායම් පවුල් සඳහා වියළි සලාක මළු බෙදාදීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) අඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සහ 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පුර්ණ මග පෙන්වීම යටතේ 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ පූර්ණ අධික්‍ෂණය යටතේ සූරේෂ් කන්දරාජා මහතාගේ ධන පරිත්‍යාගයෙන් කතරගම ප්‍රදේශයේ තෝරාගත් අඩුආදායම් ලාභි පවුල් සහ 122 පාබල බල සේනා මුලස්ථානය, 12 වන ගජබා රෙජිමේන්තුව සහ 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සදහා රු. 6000.00 ක වටිනාකමිකින් යුත් වියළි සලාක මළු 100 ක් බෙදාදීමේ වැඩසටහනක් 2025.09.09 දින රුහුණු කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දයා ගමගේ දානශාලා පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.