Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th September 2025 12:30:42 Hours

12 වන සේනාංකයේ සේනංකාධිපති තුමන් 122 පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය

12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරී සිදුකර නුදුරේදී විශ්‍රාම යෑමට නියමිත මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී එම රාජකාරී නිමාවෙන් පසු නික්මයෑම සනිටුහන් කරමින් 2025.09.10 වන දින 122 වන පාබල බලසේනා මූලස්ථානයේ සංචාරය කරන ලදී. එම සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ පාලනය වන 12 වන ගජබා රෙජිමේන්තුවෙ භට පිරිස් සහභාගිත්වයෙන් සේනාංකාධිපති හට සම්මාන මුරයක් පිරිනැමිමෙන් ගෞරවාචාරය පුද කිරිමෙන් අනතුරුව සේනාංකාධිපති තුමන් විසින් සංචාරය සංකේතවත් කරමින් කදවුරු භුමියේ සදුන් පැලයක් රෝපණය කරන ලදී.

ඉන් අනතුරුව සේනාංකාධිපති තුමන් 122 පාබල බලසේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලබන භඨ පිරිස් ආමන්ත්‍රණය කල අතර, භඨ පිරිස් ඇමතීම අවසානයේ 122 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්, අණදෙන නිලධාරී 12 ගජබා රෙජිමේන්තුව සහ අණදෙන නිලධාරී - 3 වන ශ්‍රීලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් සේනාංකාධිපති තුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්විමේන් අනතුරුව සියළු නිල තේ පැන් සංග්‍රහයකින් උත්සව කටයුතු නිමාවට පත් විය.