10th September 2025 22:06:32 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) කදවුරට ආසන්නව පිහිටා ඇති දියතලාව මුලික රෝහලේ නේවාසිකව හා භාහිරව වෛද්‍ය පහසුකම් ලබාගනු ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අවශ්‍යතා පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025.09.10 වන දින 1000 පැයට එම රෝහලේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එන්එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ හා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.
මේ සඳහා ඕස්ටේලියාවේ පදිංච් ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ පුර්ණ අනුග්‍රහය මත රෙදිසෝදන යන්ත්‍ර 01 ක්, ඇදන් මෙට්ට 25 ක්, රුධිර පීඩන මැනුම් උපකරණ 06 ක්, රෝදපුටු 05 ක්, විදුලි කේතල් 01 ක් මෙන්ම වෛද්‍ය උපකරණ අළුත්වැඩියා කිරීමේ සේවාවන් සදහා අවශ්‍ය සම්බන්ධිකරණය හා මූල්‍ය දායකත්වය ලබාදීමට කටයුතු කරන ලදි.