Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th September 2025 09:29:48 Hours

ඇල්ල - වැල්ලවාය මාර් ගයේ 15 කණුව අසල අනතුරට පත් වු බස්රථයේ ගමන් කළ මගීන් මුදවා ගැනීම

ඇල්ල වැල්ලවාය මාර් ගයේ15 කණුව අසල ප්‍රදේශයේ දී 2025.09.04 වන දින රාත්‍රි 2145 පැයට පමණ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් නැවත තංගල්ල ප්‍රදේශය වෙත බස්රථයෙන් ගමන් කරමින් සිටියදි අනතුරට ලක්ව ඇත

මේ පිළිබඳව සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 112 පාබල බසේමු බල ප්‍රදේශයට අයත් 23 විපාරෙ ඒකකයේ 02x26 ක භඨ පිරිස් ප්‍රමාණයක්, 1 ගැහේබ ඒකකයට අයත් 02x50 ක භඨ පිරිස් ප්‍රමාණයක්, 5 ගැහේබ ඒකකය වෙතින් 03x16ක භඨ පිරිස් ප්‍රමාණයක් සහ කරෙපුපා වෙතින් 02x28 ක ගෙන් යුත් භඨ පිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත යොදවා අනතුරට පත් පිරිස් මුදා ගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලදි.