Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th August 2025 19:06:22 Hours

තෘප්තිමත් සහ නිර් භීත හමුදාවක්” යන මැයෙන් දේශණයක් පැවැත්විම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්විම හා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ 2025.08.27 වන දින ‘තෘප්තිමත් සහ නිර් භිත හමුදාවක්’ යන මැයෙන් දේශණයක් යුද හමුදා විද්‍යා පිඨයේ සිනෝ ලංකා නව ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.

මෙම වැඩමුළුවේ අරමුණ වූයේ යුද හමුදා සාමාජිකයින් වර්තමාණයේ මුහුණ දෙන හා අනාගතයේ ඇතිවිය හැකි අභියෝග සඳහා සාර්ථකව මුහුණ දිමට අවශ්‍ය චිත්ත ශක්තිය හා ආත්ම විශ්වාසය වැඩි දියුණු කිරීමයි. මෙම සැසිය ලුතිතන් කර් නල් ඊ ඒ ඒ එස් චමින්ද සහ මේජර් එම් අයි මරික්කාර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙහෙයවනු ලැබු අතර, එහිදි භඨ පිරිස් අතර, මානසික යහපැවැත්ම සහ වෘත්තීය තෘප්තිය වැඩිදියුණු කිරීම සඳහා වටිනා අවබෝධයක් සහ උපාය මාර්ග ඉදිරිපත් කරන ලදී. මෙම දේශණය සදහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) යටතේ ඇති භකාස අණසක (මධ්‍යම), පාබලබසේමු සහ ඒකකයන් වෙතින් නිලධාරීන් 31 දෙනෙකු සහ සෙසුනිලයින් 274 දෙනෙකු සහාභාගිවිය.