Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd August 2025 22:13:22 Hours

අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන් 108 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදා දිම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) කඳවුරු බල ප්‍රදේශයේ වැලිමඩ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි බ/ශ්‍රී මලියදේව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් ප්‍රොටෙක්ටර් ක්ලෝතීන් මැනුෆැක්චර් පුද්:සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය මත 2025.08.22 වන දින සිසු දරුවන් 108 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදෙන ලදී.

ඒ අනුව එම පාසල් දරුවන් සඳහා වටිනා පාසල් පොත් කට්ටල,පාසල් බෑග්,පාසල් පාවහන් ඇතුලු පාසල සඳහා අත්‍යවශ්‍ය අනෙකුත් අවශ්‍යතා ලබාදීම හා විද්‍යාලයේ අධ්‍යන/අනධ්‍යන කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් සියලු දෙනා වෙත ප්‍රනීත දිවා ආහාර වේලක් ලබාදීමේ සත්කාරමය වැඩසටහන 2025.08.22 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති, මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රාහක ආයතනය වන ප්‍රොටෙක්ටර් ක්ලෝතීන් මැනුෆැක්චර් පුද්:සමාගමේ සභාපති තුමිය එන් ඩි ගුණසේකර මැතිණිය ඇතුලු ඉහල නිලධාරින් රැසකගේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියුතු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම ත්‍යාගශීලි සත්කාරමය වැඩසටහන තුලින් දරුවන් වෙත නැවුම් අත්දැකීමක් එක් කිරීමේ අරමුණ පෙරදැරිව කැලිප්සෝ වාද්‍ය වෘන්දයේ සංගීතාස්වාදය ද ලබා දෙන ලදී.