Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd August 2025 13:06:32 Hours

විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් උදෙසා ආධාර හා දිවා ආහාරය ලබාදීම

121 පාබල බළසේනා මූලස්ථානයට අයත් වැල්ලවාය, හඳපානාගල ප්‍රෙද්ශයේ පිහිටා ඇති මෙත් සේවා පදනම මගින් පවත්වාගෙන යනු ලබන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හා වැඩිහිටි අයවලුන් රැකබලාගන්නා ස්ථානයේදී නේවාසික දරුවන් හා වැඩහිටියන් උදෙසා ආධාර හා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් බොරලැස්ගමුව ප්‍රදේශයේ දානපතීන්ගේ මූල්‍ය හා ද්‍රව්‍යමය අනුග්‍රහය මත 12 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ටීඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම හා 121 පාබසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් එච්ඒ හපුගොඩ USACGSC ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි 20 වන බළඇණිය ශ්‍රීලංසිරෙ අණදෙන නිලධාරී හා 03 X 25 ක භඨපිරිසක් මගින් සංවිධායකත්වයෙන් 2025.08.17 දින පවත්වන ලදි. පරිත්‍යාග ද්‍රව්‍ය වශයෙන් ඖෂධ, ඇඳුම් පැළඳුම්, රෝද පුටු හා සනීපාරක්ෂක ද්‍රව්‍ය පිරිනමන ලද අතර, ප්‍රනීත දිවා ආහාරයට අමතරව නේවාසික අයවලුන්ගේ මානසික තෘප්තිය උදෙසා සංගීතමය වැඩසටහනක්ද සංවිධානය කරන ලදි.