15th August 2025 09:47:29 Hours
122 වන පාබල බලසේනාවේ නව උසස්වීම් ලැබූ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඩීටීඩී ජයරත්න පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට පිළිගැනීමේ උත්සවයක් 2025 අගෝස්තු 15 වන දින 12 වන ගජබා රෙජිමේන්තුවේ සහ 3 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සහභාගීත්වයෙන් වීරවිල පිහිටි 122 වන පාබල බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.
එහිදි උසස්වීම් ලැබූ බලසේනාධිපති තුමන් උණුසුම් ලෙස පිළිගත් අතර, ප්‍රධාන දොරටුව අසලදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිමෙන් පසු බලසේනාධිපති තුමන් මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සමූහ ඡායාරූප සඳහා පෙනී සිටින ලදි. අනතුරුව එතුමන් විසින් භටපිරිස් ඇමතීමෙන් පසු සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවිය විය