14th August 2025 11:27:43 Hours
වර්ථමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් හට පැන නැගි ඇති පෞද්ගලික, රාජකාරිමය ගැටළු හේතුවෙන් දැඩි මානසික පිඩාකාරී තත්ත්වයන්ට ලක්ව ඇති බවත්, එම ගැටළු නිසිලෙස කළමණාකරණය කර ගැනීමට නොහැකිව විවිධාකාර වූ විෂමාචාර ක්‍රියාවන්ට ලක්වන බවට හා ඇතැම් යුද්ධ හමුදා සාමාජිකයින් සිය දිවි හානිකර ගැනීමට පෙළඹී ඇති බැවින්, හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සිය දිවි හානිකර ගැනීමට පෙළඹවීම වලක්වාලීම සඳහා “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව දින 03 ක මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ආසේමු (මධ්‍යම) බලප්‍රදේශය ආවරණය වන පරිදි 2025.08.12 වන දින සිට 2025.08.14 දින දක්වා සිදු කිරිමට කටයුතු කරන ලදි
ඒ සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ උපදෙස් හා මඟ පෙන්වීම මත භකාස අණසක (මධ්‍යම), පාසේමු, පාබසේමු, බලඇණි, පුහුණු පාසල් මෙන්ම සියළු යුධ හමුදා ආයතන ආවරණය වන පරිදි යුහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, බ්‍රිගේඩියර් විශේෂඥ වෛද්‍ය ආර් එම් එම් මොණරාගල යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රමුඛ යුධ හමුදා රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක කර්නල් එම් කේ ඒ ඩි චන්ද්‍රමාල්, මනෝවිද්‍යාඥ කපිතන් කේ පි කේ ඇන්තනී යන සම්පත් දායකයින්ගේ දැනුම සහ වෘත්තීයේ ප්‍රවීනත්වය ලබාදෙමින් ආසේමු (මධ්‍යම) බලප්‍රදේශය තුල රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්/නිලධාරින්, ජ්‍යෙකොනොනීන් 54 x 89 සංඛ්‍යාවක් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ මානසික සෞඛ්‍ය වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදි.