Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th August 2025 12:05:29 Hours

හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරිමේ වැඩසටහනක් පැවැත්විම

“ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව වෙතින් සිදු කරනු ලබන සිවිල් සුභසාධක වැඩසටහනක් වශයෙන් පසල් උපකරණ බෙදා දිමේ උත්සවයක් 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තු ඒකකය ස්ථානගත බළප්‍රදේශයෙහි පිහිටා ඇති හම්බන්තොට කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි ඉගෙනුම ලබන පාසල් සිසුන් වෙනුවෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ සංකල්පයකට අනුව 122 වන පාබල බලසේනාවේ බළසේනාධිපති තුමාගේ මගපෙන්වීම මත පැවැත්විය.

ඒ අනුව, 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරී තුමාගේ ආරාධනය මත ඕස්ට්‍රේලියාවේ පදිංචි B A චමත් දිල්ෂාන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා 12 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව එම විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් සුහුරු පුවරුව, සිසුන් 77 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල 77 ක් ප්‍රධානය කිරීම හා පාසල් ළමුන් සදහා දිවා ආහාර වේලක් ලබාදීම මෙන්ම ගුරු හා අනධ්‍යන කාර්ය මණ්ඩලය සදහා ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවය 2025.08.04 වන දින සිදු කරන ලදි.