Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th May 2025 12:04:47 Hours

2025 වර්ෂයේ වෙසක් පසලොස්වක පොහෝ දින නිමිති කොට ගෙන පැවැත්වූ වැඩ සටහන් මාලාව

12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති කර්නල් බිඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්විම මත 2025.05.12 වන දින සිට 2025.05.16 වන දින දක්වා බළසේනාවට අයත් සියළුම ඒකක සහ බළසේනා සාමාජිකයින්ගේ කලාත්මක හැකියාවන් ඉහල නැංවිම අරමුණු කරගෙන Double Tree by Hilton – Weerawila Rajawarna හෝටල් පරිශ්‍රෙය්දි පහන් කූඩු තරඟාවලියක් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න RWP RSP psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී විය.

12 වන ගජබා රේජිමේන්තුව සහ 3 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව වෙතින් පහන් කූඩු නිර්මාණය කර තරඟාවලිය සඳහා ඉදිරිපත් කරන ලද අතර, 2025.05.13 වන දින 12 වන සේනාංකාධිපත් තුමන් විසින් ජයක්ග්‍රාහකයින් හට මුදල් ත්‍යග සහ සහතිකපත් පිරිනමන ලදි. එම උත්සවය සදහා පැමිණි සියලු බැතිමතුන් හට අයිස්ක්‍රීම් සහ සිසිල් බිම දන්සලක්ද පවත්වනු ලැබු අතර, මෙම අවස්ථාව සදහා Double Tree by Hilton – Weerawila Rajawarna හෝටලයේ කළමණාකරු සහ කාර්යය මණ්ඩලය සහභාගි විය.