19th May 2025 11:58:18 Hours
12 වන පාබල සේනාංකයේ භට පිරිස් 2025 මැයි 19 වන දින සේනාංක මූලස්ථානයේදී 16 වන ජාතික රණවිරු දිනය සැමරූ අතර, සැමරුම ආරම්භ වූයේ යුද්ධ හමුදාධිපතිතුමාගේ පණිවිඩය කියවිමෙනි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සැමරීම සදහා විනාඩි දෙකක නිශ්ෂබ්ද තාවයක් පවත්වා මෙම විශේෂ දිනය සනිටුවහන් කිරිමට සේනාංකාධිපති තුමන්ගේ මූලිකත්වයෙන් සියලු නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පැල රෝපණය කිරිමේ වැඩසටහනක් සිදුකරන ලදි.
ඒ අනුව කඳවුරු පරිශ්‍රයේදී මෙම උත්සව සාර්ථකව පවත්වන ලද අතර, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න RWP RSP psc සහ නියෝජ්‍ය සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන පැවැත්විය.