Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th May 2025 16:51:21 Hours

11 වන පාබල සේනාංකය සහ ඒ යටතේ පාලනය වන පාබල බසේමු වෙසක් උත්සවය සමරයි

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 සේනාංකය යටතේ පවතින පාබල බසේමු සහ ඒකකයන් විසින්, 2569 වෙනි සම්බුදු තෙමගුල සිහිකිරීම වෙනුවෙන්, මෙම බලප්‍රදේශ ආවරණය වන පරිදි බුද්ධාලම්භන ප්‍රිතිය ඔප්නංවාලමින් වෙසක් පුර පසලොස්වක පොහොය දිනය සමරන ලදි.

එම වැඩසටහන අතර, 111 බලසේනා මුලස්ථානය වෙතින් අලංකාර පහන් කූඩු ප්‍රදර්ශනයක්, බොදු බැතිගී ප්‍රසංගයක් හා සැදැහැවතුන් 5000 සඳහා පිරිනැමුනු දානමය පුන්‍ය කර්මයක් ද ඇතුලත්විය. එයට සමගාමිව 642 බලසේනා මුලස්ථානය වෙතින් නුවරඑළිය ප්‍රදේශයේ සංවිධානය කල රාජකිය වෙසක් උත්සවයට ප්‍රධාන දායකත්වයක් ලබාදිම සිදු විය. එසේම 11 සේමු යටතේ පාලනය වන අනෙකුත් බසේමු වෙතින් වෙසක් පොහොය නිමිතිකොටගෙන විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.