Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th May 2025 15:33:07 Hours

122 වන පාබල බලසේනා බළප්‍රදේශයේ පාසලක් සඳහා සංගීත භාණ්ඩ පරිත්‍යාග කිරීමේ වැඩසටහන

122 වන පාබල බලසේනා මූලස්ථාන බළප්‍රදේශයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හ/කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි සිසුන්ගේ ප්‍රයෝජනය සදහා 122 වන පාබල බලසේනා මූලස්ථාන යටතේ පාලනය වන 12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිලධාරීගේ සහභාගිත්වයෙන් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන සිවිල් සුභසාධන වැඩසටහනක් වශයෙන් 2025 මැයි 10 වන දින තූර්්‍යය වාදක භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් එම විද්‍යාලයේදී සිදුකරන ලදි.

ඒ අනුව එම ඒකකයේ ආරාධනයෙන් මහාචාර්ය නිමල් රාජපක්ෂ මහතා, විශ්‍රාමික මේජර් ජෙනරල් ලාල් ගුණසේකර, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රියන්ත සේනාරත්න, චානක කලන්සුරිය මහතා සහ නිරාජ් මුතුකුඩ යන මහත්වරුන්ගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් හ/කිරින්දගම ප්‍රාථමික විද්‍යාලයෙහි සිසුන් සඳහා බේස්ඩ්‍රම් 01, ඩ්‍රම් ස්ට්‍රික් 01, සයිඩ් ඩ්‍රම් 03, සිම්බල් 01, මෙලෝඩිකා 06, මවුත් ඕගන් 03, චාල් 01 ක ප්‍රමාණයක සංගීත භාණ්ඩ බෙදාදීමේ උත්සවයක් සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා එම පාසලේ විදුහල්පතිනිය, ගුරු භවතුන් සහ සිසු දරු දැරියන් සහභාගිවිය.