16th May 2025 09:30:46 Hours
බණ්ඩාරවෙල - පූනාගල දෙමල මහා විද්‍යාලයේ - 2025 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති හට සහාභාගි වන ලෙස සිදුකරන ලද ආරාධනයකට අනුව ආරක්ෂකසේනා (මධ්‍යම) ආඥාපති නියෝජනය කරමින් බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ (ස්වේච්ඡා) ජ්‍යෙෂ්ඨ නිලධාරි වන බ්‍රිගේඩියර් එම් මහවිතාන කේඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදි.
ඒ අනුව අදාල නිල ලාංජන පැලදවීමේ උත්සවය 2025.05.16 වන දින 0930 පැයට එම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි පැවැත්වු අතර, එහිදි ශිෂ්‍ය නායක/නායිකාවන් 34 දෙනෙකු සඳහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදවීමට කටයුතු කරන ලදි.