15th May 2025 14:28:05 Hours
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 12 වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් 122 පාබල බලසේනාව යටතේ පාලනය වන 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලඇණියේ භඨ පිරිස් විසින් 2025.05.10 සහ 11 වන දිනයන් හි හම්බන්තොට ප්‍රදේශයේ වෙසක් සැරසිලි සඳහා සහය දැක්විය.
මේ සඳහා 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මෙම ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර, 122 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ වෙසක් කූඩු සහ බෞද්ධ කොඩි එල්ලීම සඳහා භඨ පිරිස් සහාය විය.